Friday, July 15, 2011

ලෝක ආබාධිත වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්


රටවල් 17 ක සහභාගීත්වයෙන් ජූලි 23 සිට 29 දක්වා කාම්බෝජයේ පැවත්වෙන ලෝක ආබාධිත වොලිබෝල් සූරතාවලියට ශ්‍රී ලංකාවෙන්ද ක්‍රීඩක කණ්ඩායමක් සහභාගි කරවීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී ඇත.ජයග්‍රාහී බලාපොරොත්තු පෙරදැරිව ක්‍රීඩා අමාත්‍යවරයා ආබාධිත ක්‍රීඩා නගා සිටුවීම කෙරෙහි දක්වන විශේෂ උනන්දුව හේතුවෙන් මෙම කණ්ඩායමට අවසරය ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.


ඕස්ට්‍රේලියාව,කාම්බෝජය,කැනඩාව,ඊජිප්තුව,ජර්මණිය,ඉරානය,කසකස්ථානය,කොරියාව,ලාඕසය,

මැලේසියාව,චීනය,පෝලන්තය,ස්ලොවේකියාව,ස්ලොවේනියාව,සහභාගි වන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයඒඑස්සීකේ අර්ථනායක දරන අතර ඩබ් නලීන් චන්දන උප නායකයා වශයෙන් කටයුතු කරනවා.ඩබ් උදය පුෂ්පකුමාර,ඩීජී ලලිත් කුමාර,ඩීඑස් ධම්මික ද සොයිසා,එස්එම් රෝහණ,ශ්‍රී රාම්,පීඑච් කුමාර ජයතිස්ස,එම් බුද්ධික අමරසිංහ,ඩීජී ඥාණතිලක,ආර්පීඩී වජේරත්න,එම් අරුණ ප්‍රියංකර,එන්එම් මනෝජ් නිශාන්ත සහ එස්ඩී විජිත මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වෙනවා.මෙම කණ්ඩායමේ කළමණාකරු ලෙස කරුණාරත්න විකුමසිංහ කටයුතු කරන අතර පුහුණකරු ලෙස ලලිත් ප්‍රේමලාල් ද කණ්ඩායම් ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් පියල් අබේසේකර ද මෙම සංචාරයට නම් කර තිබෙනවා.


ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටයේ දී ජූලි 23 වන දින ස්ලොවේකියාව ද,24 වන දින කාම්බෝජය ද,25 වන දින ලාඕසය ද,26 වන දින කසකස්ථානය ද සහ 27 වන දින ජර්මණිය ද ශ්‍රී ලංකාව මුණ ගැහෙනවා.

No comments:

Post a Comment